හෝර්ටන් තැන්නේ යුලෙක්ස්ට එරෙහිව මෙහෙයුමක්

හේවාහැට-චම්පික දසනායක 

මධ්‍ය පළාත තුල පිහිටි අතිශය සංවේදී පාරිසරික කලාපයක් ලෙස සැලකෙන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතියට තර්ජනයක්ව පවතින “යුලෙක්ස් “(ULEX) ශාකය ඉවත් කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ශ්‍රමදාන වැඩසටහනක් එළැඹෙන 27 වන බදාදා එම වනෝද්‍යානය තුළදී පැවැත්වේ. 

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ වර්ග මීටර් පනස්දහසක (50000) පමණ භූමි ප්‍රමාණයක පැතිර ඇති යුලෙක්ස්  (ULEX) ශාකය එහි ආවේණික ශාක හා සත්ව විශේෂ කෙරෙහි එල්ල කරන තර්ජනය නැවැත්වීම  අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ (SRI LANKA GREEN MOVEMENT ) මූලිකත්වයෙන් මෙම ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ .

බටහිර යුරෝපයට ආවේණික යුලෙක්ස් (ULEX) ශාකය කටු සහිත පඳුරු විශේෂයක් වන අතර ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශවල ආක්‍රමණශීලී ශාකයක් ලෙස පැතිර යමින් හෝර්ටන් තැන්න වන උද්‍යානය හා එම පරිසර පද්ධතියට සැලකියයුතු තර්ජනයක් ඇති කරමින් පවතින බව පරිසරවේදීන් පෙන්වා දෙති .

යුරෝපා සංගමය මගින් අරමුදල් සපයන පාරිසරික අයිතිවාසිකම් සඳහා ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම (SAFER)ව්‍යාපෘතිය ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය හා ඊට අනුබද්ධ දුම්බර සේනා සංවිධානයේ සාමාජික සහභාගීත්වයෙන් හා  ත්‍රිී සීරෝ  (3 ZERO) ආයතන එක්ව මෙම වැඩසටහන දියත් කරනු ලබයි .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *