සටන් සගයන් අධ්‍යාපනයට මුදල් වෙන් කළේ 2024ටත් අඩුවෙන්…ලංකා ගුරු සංගමය

කිත්සිරි වනසිංහ අනුරාධපුර

තම සටන් සගයන් වර්තමානයේ පාර්ලිමේන්තු අමාත්‍ය ධූර දැරුවද ඔවුන්ට අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු  අමතක වී ඇති බව ලංකා ගුරු සංගමයේ  සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඉකුත්දා ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ අයවැය ප්‍රකාශය හා අධ්‍යාපනයේ අනාගතය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

2024 වර්ෂයේ අයවැයෙන් අධ්‍යාපනය වෙනු වෙන්  රජය වෙන්කළ මුදලෙනුත් රුපියල් බිලියන 16 ක් අඩුවෙන් මෙවර අයවැයෙන් වෙන් කිරීම ඊට කදිම නිදසුනක් යයිද හෙතෙම අවධාරණය කර සිටි.

තම සටන් ව්‍යාපාරයේ ප්‍රධානතම සටන් පාඨය වූ  ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයේ ඉතිරි කොටස ලබාගැනීම , අධ්‍යාපන උපකරණ මත පනවා තිබූ 18% වූ ඉහල බදු ප්‍රතිශතය කෙරෙහි මෙවර අයවැයෙන් විසඳුමක් ලබාදීමට ඔවුන් අපොහොසත් වී ඇති බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

2024 වර්ෂයේ අයවැයෙන් අධ්‍යාපනය සදහා රුපියල් බිලියන 287 වෙන් වුවද 2025 වර්ෂයේ අධ්‍යාපනය සදහා වෙන් වූයේ බිලියන 271 කි. ඒ අනුව  සංසන්දනාත්මකව බැලුකළ පෙර වසරට වඩා රුපියල් බිලියන 16 ක් අඩුවී තිබෙනවා. මේ තත්ත්වය වර්ථමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර දුන් ප්‍රමුඛ පොරොන්දුවක් වූ ආධිපත්‍යය සදහා වෙන්කරන මුදල් ක්‍රමයක් වැඩිකරන බවටවූ  පොරොන්දුව පළමු අයවැයෙන්ම කඩකර ඇත්තේ 2024 වර්ෂයේ  1,8% වූ ප්‍රථිශතය මෙවර 1,7 %  ක් දක්වා පහත දමමිනි. 

පාසල් පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් වෙන්කළ    මුදලින් පාසල් 10,150 ට අඩුම තරමේ රුපියල් ලක්ෂය බැගින්වත් ලබාදීමට හැකියාවක් නැහැ.  එසේ බැලූ කළ පාසල් පද්ධතියේ දෛනික කටයුතු වෙනුවෙන් දෙමාපියන්ගෙන් තවදුරටත් මුදල් එකතු කිරීමට පසුබිම සකස් කර ඇති බවත්.2025 වර්ෂයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තවත් වසරකට කල් දමලා. පෙරපාසල් ගුරුවරයාගේ සිට විශ්ව විද්‍යාල මහාචාර්යවරයා දක්වා රැවටීමට ලක් කරලා.අධ්‍යාපන පද්ධතියේ අපේක්ෂා මුලුමනින්ම බිඳ දැමූ මෙවර අයවැය පිළිබඳව පෙර සටන් සගයන් අම මී පැන් බඳුනක් ලෙස හුවා දක්වමින් ප්‍රකාශ නිකුත් කිරීම  හාස්‍යයට කරුණකි. 

  මෙවැනි පසුබිමක් තුළ සටන පෙරට ගන්නවා විනා වෙන කළ යුතු දෙයක් ඉතිරිව නැතැයිද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *