මොහොමඩ් ආසික්
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කොළඹ දිස්ත්‍රික්කයෙන් තනිව තරඟ කිරීමේ හැකියාව සොයා බලමින් සිටින බව පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කියයි.
මේ සඳහා වන සාකච්ඡාවක් පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා රාත්‍රියේ පැවැත්විණි.
සමගි ජන බලවේගයත් සමඟ සන්ධාන ගතව පසුගිය මැතිවරණ කිහිපයකදී කටයුතු කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය රටේ ප්‍රධාන පළාත් පාලන ආයතන සඳහා මෙවර තනිව තරඟ කිරිමට සැලසුම් කිරිම විශේෂත්වයකි.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා (නියෝජ්‍ය සභාපති), එම්.එස්. උදුමාලෙබ්බේ (නියෝජ්‍ය ජාතික සංවිධායක), එම්.එස්. නසීම්, කොළඹ දිස්ත්‍රික් සංවිධායක අර්ෂාඩ් නිසාම්ඩීන් යන මහත්වරුන් ඇතුළු මැතිවරණ කමිටු සාමාජිකයින් සහ කොළඹ දිස්ත්‍රික් මධ්‍යම කාරක සභාවෙන් පත් කරන ලද සාමාජිකයින්ද සහභාගී වූහ.
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී තම පක්ෂය සැලකිය යුතු ජයග්‍රහණයක් අත් කර ගනු ඇති බවත් නායක රවුෆ් හකීම් මහතා මෙහිදී විශ්වාසය පළ කළේය.

