කැලිප්සෝ දුම්රියෙන් වාර්තාගත ආදායමක්

නික්කි රණසිංහ

දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ද අතිශය ආකර්ශනයට ලක් වෙමින් දිනපතා බණ්ඩාරවෙල බදුල්ල දක්වා ධාවනය වන කැලිප්සෝ දුම්රිය දිනක ආදායම රුපියල් ලක්ෂ 10 ඉක්මවමින් වාර්තාගත ආදායමක් උපයා ඇත. ඒ මෙම පෙබරවාරි මස 17 වන දිනයේ දීයි.

දිනක වියදම රුපියල් ලක්ෂ 4ක් පමණක් වන මෙහි වැඩිම ආදායම 17 වන දින වාර්තා කළ අතර සාමාන්‍යයෙන් දෛනිකව රුපියල් ලක්ෂ 5ක් පමණ ආදායමක් ලබන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසා සිටියේ ය.

එම මහතා සඳහන් කළේ සංචාරකයින්ට සිරි නැරඹීම උදෙසා, දුම්රිය දෙමෝදර අසළ විනාඩි 10ක් ද ඇල්ල ආරුක්කු නවය පාලම මත විනාඩි 10ක් ද නතර කරන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *