අජිත්ලාල් ශාන්තඋදය
රත්නපුර ශීක්ෂණ රෝහලේ පිවිසුම ඉදිරිපිට රෝහලට අයත් භූමියේ වසර ගණනාවක සිට අනවසර වෙළදසැල් පවත්වාගෙන යන වෙළදුන්ට එරෙහිව රෝහල් බලධාරීහු නඩුපැවරීමට යති.
රෝහල් භූමියේ ඉදිරිපිට පිවිසුම තුළ මෙම අනවසර වෙළදසැල් පිහිටා ඇත. ඒවා බලහත්කාරයෙන් අල්ලාගෙන තිබුණේ මීට වසර ගණනකට ඉහතදීය. කලකට ඉහතදී අනවසර පදිංචිකරුවන් ඉවත්කළ ද දේශපාලන බලපැම් මත ඉවත් නොකළ කිහිප දෙනෙකු තවමත් වෙළසැල් පවත්වාගෙන යති. ඇතැමුන් ස්ථිර ගොඩනැගිලි ඉදිකිරිමට පවා උත්සාහ ගෙන තිබේ.
ඒ බව රෝහල් බලධාරින් රත්නපුර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවට ද දැනුම් දුන්නේ ය.
