දුම්රියට හැපීමෙන් එකවර  වන අලි පස් දෙනෙක් මරුට

මංගලනාත් ලියනආරච්චි.- ත්‍රීකුණාමලය.

 

මඩකලපු සිට කොළඹ බලා ධාවන වන රාත්‍රී මීනගයා දුම්රියට වන අලි රැළක් හසු වීමෙන් වන අලි 05ක් මිය ගොස් තවත් 02ක් තුවාල ලබා ඇත. දුම්රියද පිලිපැනීමට ලක්ව ඇත.

 

ඊයේ (19) රාත්‍රි 11.40ට මෙම අනතුර සිදුව ඇත.

 

හිගුරක්ගොඩ සිට ගල් ඔය දෙසට වන්නනට දෙසට 141 සැතපුම් කනුව අසල මෙම අනතුර සිදුව ඇත.

 

අනතුර හේතුවෙන් ගල්ඔය මඩකලපුව දුම්රිය ධාවනය නවතා ඇත.

 

මියගිය සතුන් අතර කුඩා අලි පැටවුන්  දෙදෙනෙක්ද සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *