සංජීවනී පද්මසේන
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් වාර ප්‍රවේශපත් මිල දී ගන්නා පාසල් දරුවන්, කාර්මික විද්‍යාල සහ විශ්ව විද්‍යාල සිසුන් සහ වැඩිහිටි පුද්ගලයන් ශ්‍රී ලංගම බස් රථවල ප්‍රවාහනය කිරීම අනිවාර්යය කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනය කරයි.
යම්කිසි බස් සේවක කණ්ඩායමක් මෙම වාර ප්‍රවේශපත්‍රලාභීන් රැගෙන යාම ප්‍රතික්ෂේප කළහොත් මණ්ඩලයේ පිළිවෙත් අනුව දැඩි වරදක් බවත් ඒ සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවත් ගමනාගමන මණ්ඩලය පවසයි.
මේ සම්බන්ධව අපහසුතාවයට පත් වන්නන් ශ්‍රී ලංගම තොරතුරු කේන්ද්‍රය වන 1958 දුරකථන මාර්ගය ඔස්සේ දැනුවත් කරන මෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසා සිටියි.



