බොරලැස්ගමුවේ කර්මාන්තශාලාවක ගින්නක්

දිනේෂ් රූපසිංහ – කොළඹ  

බොරලැස්ගමුව දිවුලපිටියේ පිහිටි රෙදිපිළි  ඇඟලුම් කර්මාන්ත ශාලාවක  ගබඩාවක ඊයේ (18) රාත්‍රී ගින්නක් හටගෙන ඇත.  රාත්‍රී 11.30ට පමණ එම ගින්න ඇතිවී  තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

 

ගින්න ඇතිවූ මොහොතේ එම කර්මාන්ත ශාලාවේ ගබඩාවේ කිසිවෙකුත් රැඳී නොසිටි අතර එය අසල වූ සෝලා විදුලි උපකරණ අලෙවි ගබඩාවකටද  ගින්න පැතිර ගොස් ඇත.ගින්නෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ගබඩාව මුලුමනින්ම දැවී ගොස් ඇත.

 

ගින්න ඇතිවීමෙන් පසු ගිනිනිවීමේ ඒකකය දැනුවත් කිර ඇති අතර දෙහිවල , මොරටුව , කොළඹ සහ කෝට්ටේ ගිනිනිවීමේ  ඒකකයන්හී ගිනිනිවීමේ රථ පැමිණ විශාල පරිශ්‍රමයක් දරා ගින්න නිවා දමා   එය මැඩ පවත්වා ඇත.

 

ගින්නට හේතුව පිළිබදව බොරලැස්ගමුව පොලීසිය මේ වනවිට පරීක්ෂණ සිදු කරමින් පවතී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *