බෙලිහුල්ඔය පඹහින්න කුළුබඩු වෙළඳසැල ඈවරයි

 

 

බෙලිහුල්ඔය එස්. රත්නායක

 

අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ රටපුරා ඇතිකළ කුළුබඩු වෙළඳසැල් අතරින් බෙලිහුල්ඔය පඹහින්නේ පවත්වාගෙන ගිය අලෙවි සැළ මේ වන විට වසා දමා ඇත.

ඉකුත් 25 වැනිදා සිට  මෙම වෙළඳ සැළ පාඩු ලබන්නේ යැයි පවසමින් වසා දැමීමට පියවර ගෙන ඇතත්, මාස දෙකක සිට ආයතනය වසා දැමීමේ චේතනාවෙන් ආයතනයට වෙළඳ ද්‍රව්‍ය එවීමට කටයුතු කර නොමැති  බව පැවසේ.

එම වෙළඳ ආයතනයේ සේවකයින් තිදෙනෙකු සේවය කළ අතර ඔවුන් හිටිහැටියේ ක්ෂණිකව ප්‍රධාන කාර්‍යාලයට මාරුකර යවා ඇතැයි පැවසේ. එහි සේවකයෙකු පැවසූවේ පූර්ව දැනුම්දීමකින් තොරව ජනවාරි 24 වැනිදා ලිපි නිකුත් කොට ඊට පසුදා ආයතනය වසාදැමූ බවයි. මේ හේතුවෙන් තමන්ට අපහසුතා රැසකට මුහුණ දීමට සිදුවුණු බවද ඔහු පවසයි. ආයතනය වසා දමන්නේ නම් පූර්ව දැනුම්දීමකින් පසුව එසේ නොකර, කොළඹට මාරු කිරීමෙන් නේවාසික පහසුකම් ඇතුළු අනෙකුත් දෙය සිදුකර ගැනීමේ දුෂ්කරතා රැසක් පවතින බවද ඔහු සඳහන් කළේය..

ඔවුන්ගේ රැකියා පිළිබඳවද අවදානමක් පවතින පවසන සේවකයෝ වැඩ පැවතියහොත් ගෙවීම් සිදු කළහැකි බව ප්‍රධාන කාර්‍යාලය මගින් දන්වා ඇති බව  වැඩිදුරටත් පවසති. 

දේශීය කුළුබඩු ප්‍රවර්ධනය කරමින් ඇරඹි ඉහත ව්‍යාපෘතිය යටතේ පැවති එම වෙළඳසැලෙන් ඉමහත් සේවයක් සැලසුණු බව ප්‍රදේශවාසීහු පවසති. ආණ්ඩු මාරුවීම සමග මෙම ව්‍යාපෘතිය අහෝසි නොකර කුමන දේශ්පාලන පක්ෂයක් බලයේ සිටියත් ජනතා සෙත සැලසෙන මෙවැනි ව්‍යාපෘති අහෝසි නොකරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති..

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *