වවුනියාව මාධව කුලසූරිය.
යාපනය,චාවකච්චේරි සහකාර ප්රාදේශීය ලේකම් සිරුරට ගිනි ඇවිලීමෙන් තුවාල ලබා යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී 16 දින ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ පසුගිය 14 වැනිදා සිය නිදන කාමරයේ සිටියදී ඉටි පන්දමක් දැල්වීමට ගිය අවස්ථාවේ ගින්නක් හටගෙන ඇති බවත්,එහිදි සහකාර ප්රාදේශීය ලේකම්වරියගේ සිරුරට ගිනි ඇවිලි ඇති බව පොලිසිය වෙත සඳහන් කොට ඇති බවයි.
යාපනය,නිර්වේලි පදිංචි තමිලිනි සදීශ් නමැති 35 හැවිරිදි ගින්නෙන් තුවාල ලැබු සහකාර ප්රාදේශීය ලේකම්වරිය ගර්භනි කාන්තාවක් වන බවද යාපනය රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
ගින්නෙන් තුවාල ලබා යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී අදාළ සහකාර ප්රාදේශීය ලේකම්වරිය ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.
මියගිය සහකාර ප්රාදේශීය ලේකම්වරිය එක්දරු මවක් වන අතර,ඇයගේ ස්වාමි පුරුෂයා ග්රාමනිලධාරිවරයෙකු ලෙස සේවය කොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
