බවුසරයක ගැටීමෙන් පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට

වැලිගම තරංග ගුණරත්න

දික්වැල්ල පොලිස් වසමේ හුන්නදෙනිය රත්මලේ මාර්ගයේ තල්හිටියගොඩ අතුරු මාර්ගයට හැරෙන හංදිය අසලදී බවුසර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදිය පැදවූ පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව  ඔහුගේ දියණිය බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට  මාරුකර යවා ඇතැයි දික්වැල්ල පොලිසිය කියයි.

ගොඩඋඩ ජලසම්පාදන මණ්ඩලයට අයත්  බවුසර්  රථයක්  හුන්නදෙනිය – රත්මලේ මාර්ගයේ  හුන්නදෙනිය සිට රත්මලේ දෙසට ගමන් කොට තිබේ. එහිදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කළ යතුරු පැදියක් 15  දින පස්වරුවේදී  මුහුණට මුහුණ ගැටීමෙන්  යතුරුපැදිකරු බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට  ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.
එලෙස මියගොස් ඇත්තේ  අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාශයට අනුයුක්තව දක්ෂිණ අධිවේගී මාර්ගයේ  අපරැක්ක පිවිසුමේ රාජකාරි කරන ( පො.කො.83241 )  විදානගමගේ අසංක චාමිකර  නැමැති  රත්මලේ,  පදිංචි  37 වියැති පොලිස් නිලධාරියකු බව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාව වන විට පොලිස් නිලධාරියා (15 )  දින රාත්‍රි රාජකාරි වාර්තා කිරීමට නියමිත තිබූ බවද  පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන්  දික්වැල්ල  පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති  ජේ.වි සනත්, පොලිස් සැරයන් (45531) චමින්ද  යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *