නික්කි රණසිංහ
පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණින් හා පාරිසරික ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය විසින් වට්සැප් අංකයක් හඳුන්වා දී තිබේ. පරිසර ගැටලු පිළිබඳව අමාත්‍යවරයාට හා නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කර කඩිනමින් විසඳුම් ලබා ගැනීම මෙහි අරමුණ වී ඇත.
ඒ අනුව 076 6412029 යන දුරකතන අංකය වෙත කෙටි පණිවිඩයක් වශයෙන් පමණක් පරිසරය පිළිබඳ ප්‍රශ්න යොමු කරන ලෙස එම අමාත්‍යාංශය දැනුම් දෙයි.
මෙම අංකය හරහා ලැබෙන ප්‍රශ්න පරිසර අමාත්‍යාංශය විසින් අදාල ආයතනය වෙත යොමු කර කඩිනම් තිරසාර විසඳුම් සොයා ගැනීමටත්, පසුවිපරම් ක්‍රියාවලීන් ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමටත් අපේක්ෂා කරයි.

