‘චන්කි ‘ නාඋල දී අධි බල පුපුරන ද්‍රව්‍ය තොගයක්ම අල්ලයි.

 නාඋල- ඉන්දික අරුණ කුමාර)

බලපත්‍ර නොමැතිව ප්‍රවාහන කිරිමේ චෝදනාව යටතේ අධි බල ජෙලට්නයිට් කූරු 50 ක් හා සේවා වයර් රෝල් 04 ක්.( මීටර් 160 ක්) සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ. වික්‍රමනායක මහතාගේ උපදෙස් හා නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටිරොන් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ  අද (15) අළුයම 06.00 සිට 10.00 දක්වා නාඋල බස් නැවතුමේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මාතලේ ප්‍රදේශයේ පුද්ගලයෙකු බව ද පොලිසිය කියයි.

මෙම පුපුරනද්‍රව්‍ය තොගය කුමනකටයුත්කත් අරභයා නාඋල නගරය හරහා රැගෙන යාමට තැත්කළේ ද යන්න සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර විමර්ෂණ ආරම්භ කර ඇත.

මෙම වැටලීම සඳහා ප්‍රධාන පොලිස් පරික්ෂක දීපාල් කුමාර,උප පොලිස් පරික්ෂක ජයසුන්දර, සැරයන්වරුන් වන 54508 සිරිවර්ධන,23052 රත්නායක,76116 බණ්ඩාර,කාන්තා පොලිස් සැරයන් 2444 චාන්දනි දඹුල්ල පොලිසියේ නිල සුනඛ අංශයේ 2390 මඩුගල්ල සහ පොලිස් නිල සුනඛ ‘චන්කි ‘(පුපුරන ද්‍රව්‍ය පරික්ෂක) සහභාගී වී සිටියහ.

සැකකරු සහ අත්අඩංගුවට ගත් පුපුරනද්‍රව්‍ය තොගය නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *