වැලිගම තරංග ගුණරත්න
සංචාරය සඳහා ලංකාවට පැමිණ වැලිගම පැලෑන ප්රදේශයේ ලැගුම් ගෙන සිටි ස්පාඤ්ඤ ජාතික තරුණියක් දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් නෝර්වේ ජාතික තරුණයෙකු අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි
වයස (29 ) පමන වන ස්පාඤ්ඤ ජාතික තරුණිය වැලිගම පොලිස් වසමේ පැළෑන ප්රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇති අතර එම හෝටලයේම නවාතැන් ගෙන සිටි නෝර්වේ ජාතික වයස (38 ) වන තරුණයකු විසින් එම තරුණිය කාමරයට ගෙන ගොස් දූෂණයට ලක් කොට ඇති බවට එම තරුණිය විසින් වැලිගම පොලිසිය වෙත පැමිණිලි කොට තිබිණි .
එම සිද්ධිය වෙන අවස්ථාව වන විට ස්පාඤ්ඤ ජාතික තරුණිය මත්පැන් පානය කොට තිබු බවද අනාවරණය වේ.
කෙසේ වුවද සැකකාර නෝර්වේ ජාතික තරුණයා වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසියේ ස්ථානාධිපති වැලිගම පොලිසියේ ස්ථානාධිපති උපුල් කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති එම් ,පි,ජි. නන්දසිරි මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් වරුන්වන (54334 ) මංගල සමරක්කොඩි, කාන්තා පොලිස් නිලධාරි (12365 ) කුමාරි යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙවතී.
