වැලිගම තරංග ගුණරත්න
බෙලිඅත්ත සිට අනුරාධපුරය බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ වැලිගම පැලෑන ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේදී වෑන් රථයක් ගැටීමෙන් (14) පෙරවරුවේ අනතුරක් සිදු වී ඇතිබව වැලිගම පොලිසිය පවසයි .
අනතුරින් වෑන් රථයට දැඩි අලාභ සිදුව ඇති අතර, මෙම වෑන් රථය සංචාරකයින් රැගෙන යාමට භාවිතා කරනු ලබන රථයක් බවත් අනතුර සිදුවන අවස්ථාව වන විට රියදුරු පමණක් එහි සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් එම රියදුරු සුළු තුවාල ලබා ඇති අතර ඔහු ඇල්ල පදිංචිකරුවකු බව ද පොලිසිය කියයි.


