සංජීවනී පද්මසේන
බදුල්ල, රාවණා ඇල්ල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු තවමත් සිදු කෙරෙයි. පොලිසිය, හමුදාව, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා එක් වී සිටින අතර සිවිල් ජනයාගේ නොමද සහය ද ලැබී ඇත.
ඇල්ලෙහි සංචාරක ආකර්ශණය නොමදව දිනා ගත් “ඇල්ල ගැප්” නැරඹුම් ස්ථානය ආශ්‍රිතව එම ගින්න හටගෙන ඇති අතර මේ වන විට එය රක්ෂිතයේ පහළට ව්‍යාප්ත වෙමින් පවතියි. පරිසරයේ දැඩි වියළි බව මෙන්ම සුළං ප්රවාහයන් හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීමේ අපහසුතා මතු වී තිබේ.
වියළි කාලයත් සමඟ රක්ෂිත ප්‍රදේශ සහ වනාන්තර ගිනි තැබීමෙන් වළකින ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
