සංජීවනි පද්මසේන
වායුසමනය කල කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කරයි.
ඒ අනුව ගාල්ල සිට කොටුව දක්වා දුම්රිය දෙකක්, අවිස්සාවේල්ල සිට කොටුව දක්වා එක් දුම්රියක්, හා මීගමුව සිට කොටුව දක්වා එක් දුම්රියක් එලෙස යෙදවීමට සැලසුම් කර ඇත.
ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර එම දුම්රියන් ධාවනයට එක් කිරීමට බලාපොරොත්තු වේ. දැනට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින එන්ජින් සහ මැදිරි අලුත්වැඩියා කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර කාර්යමණ්ඩලය කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.
