මොහොමඩ් ආසික්
මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර සඳහා ජලය සපයන ප්‍රධාන ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබෙන අයුරු දැකිය හැකිය.
පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව හේතුවෙන් ජලවිදුලි බලාගාර වෙත ජලය සපයන ප්‍රධාන ජලාශ සියල්ලම වාගේ පිරී ඉතිරී ගොස් තිබූ නමුත් මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටමද ශීඝ්‍ර ලෙස පහත යමින් පවතින අයුරුයි මේ.
පසුගිය දිනවල වික්ටෝරියා ජලාශය පිරී ගොස් තිබූ නමුත් මේ නව විට ජලාශය මැද ඇති ඇතැම් කුඩා දූපත් මෙන්ම ගල් පර්වතද පෙනෙන මටට්මට ජලය අඩු වී තිබේ. දැඩි අව් රශ්මිය නිසා වික්ටෝරියා ජලාශයේ ජලය වාෂ්ප වීම සාමාන්‍ය යෙන් සිදු වෙයි.


