වර්ෂා අමරජිත්- එරත්න
කුරුවිට සංස්කෘතික බල මණ්ඩලයේ.කුරුවිට ‘මිණි කිරුළ’ කලා උළෙල 2025.02.07.වන දින කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරය දී පැවැත්විය . ප්‍රථම වරට පවත්වනු ලැබූ මෙම කලා මංගල්‍යයෙහි ශ්‍රාස්ත්‍රෝධය කලායතනයේ අධිපති චූලානන්ද මහතාගේ සිසු සිසුවියන් ., සගීත්මා කලායතනයේ කලායතනාධිපති මංජුල ප්‍රසාද් ගූරු තුමන්ගේ සිසුවියන් සහ යසවතී චන්ද්‍රසේකර ගුරුතුමිය ගේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ නර්ථන අංගයන්ගෙන් ද එම් ජී කුසුම්සිරි මහතා ප්‍රමුඛ විකට නාට්‍ය රංගන ශිල්පීන් විසින් මෙම උළෙල තවත් රසගන්වනු ලැබිණි. වසර පහළොවක් පමණ පැරණි යැයි කියන මෙම කලා සංගමයේ මෙවකට සිටින සංස්කෘතික නිලධාරී තුමිය සිතාරා සුරංජී දසනායක මහත්මිය විසින් මෙය සංවිධානය කර තිබිණ. හිටපු කුරුවිට සංස්කෘතික නිලධාරී ඩබ්ලිව්. ඒ. මහින්ද මහතාත්. පැල්මඩුල්ල.,ඇලපාත., ඇහැලියගොඩ,කිරිඇල්ල, සංස්කෘතික නිලධාරීන් සහ හිටපු ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රතිලක බණ්ඩාර මහතා සහ සියළු බලමණ්ඩල වල සභාපති ලේකම් නිලධාරී මහත්ම මහත්මීන් හිටපු විදුහල්පති සෝමදාස වීරසිංහ ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ. කුරුවිට මිණි කිරුළ කලා මහෝත්සවය කිවිපති විමල් රත්නසිරි මහතා සහ රංජිත් ප්‍රේමතිලක මහතා විසින් කුරුවිට මිණි කිරුළ කලා මහෝත්සවයේ සභා කටයුතු මෙහෙයවන ලදී.

