අලි අනාථාගාරයේ පනස්වන සැමරුම 

ඇහැලියගොඩ – රංජන් මඩගම්මන 

රඹුක්කන, පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර වසර 50 ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් වැඩ සටහන් රාශියක් ක්‍රියත්මක කිරීම සැලසුම් කර ඇති බව පින්නවල අලි අනාථාගාරය පවසයි.හෙට  දින (14) සිට 16 වන දින දක්වා එහි දී අලින් පිලිබදව හා පරිසරය පිලිබදව තොරතුරු ඇතුලත්  ප්‍රදර්ශන කුටි  කිහිපයක්  ජනතාව වෙනුවෙන් පැවැත්වෙයි.16 වන දින පෙරවරුවේ අලි අනාථාගාරය ආරම්භ කර වසර 50 පිරිම නිමිත්තෙන් ආගමික වතාවන් වලින් අනතුරුව එම භූමියේ පලතුරු පැල 100 ක් පරිසර අමාත්‍යය  වෛද්‍යය ධම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන් රෝපණයක් සිදු කිරීමට කටයුතු කර

 ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *