විමුක්ති එස් රුද්‍රිගු
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID, ලෝකයේ විවිධ රටවල මැතිවරණ ව්‍යාපාරවලට බලපෑම් එල්ල කිරීමට අරමුදල් යොදවා ඇතැයි ලොව අංක එකේ ධනවතා මෙන්ම ෆෙඩරල් ආයතනවල මුල්‍ය වංචා සෙවීමට පිහිටවූ ඩොජ් ආයතනයේ ප්‍රධානියාද වන ඊලෝන් මස්ක් පෙරේදා(11) ධවල මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ලෝකයේ විවිධ රටවල මැතිවරණ ව්‍යාපාරවලට බලපෑම් එල්ල කිරීම සඳහා USAID අරමුදල් යොදවා ඇති ආකාරය සැකසහිත බවත් එවැන්නක් නැවත වරක් සිදුවීමට ඉඩලබාදිය නොහැකි බවත් මස්ක් එහිදී පැවැසුවේය. USAID ලෝක ජනතාවට ප්‍රයෝජන ව්‍යාපෘති කීපයක් කර ඇතත් සමස්ථයක් ලෙස ඔවුන් කර ඇති ව්‍යාපෘති අනුමත කළ නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය.
ඩොජ් ආයතනයේ ප්‍රධානියා ලෙස මාධ්‍ය හමුවකට මස්ක් සහභාගී වූ ප්‍රථම අවස්ථාව මෙයවූ අතර ඩොජ් සැලසුමට සහාය දෙන ලෙස සියලුම ෆෙඩරල් ආයතනවලට නියෝග කරමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝග කීපයක් අත්සන් තැබීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව ධවල මන්දිරයේදී පැවැත්විණි.
මාධ්‍ය හමුවට මස්ක්ගේ සිව් හැවිරිදි පුත්‍රයා වන එක්ස්ද සහභාගී වූ අතර ජනපති ට්‍රම්ප්ගේ මාධ්‍ය හමුවට මස්ක් සහ පුත්‍රයා මෙලෙස සහභාගී විය.

