සංජීවනී පද්මසේන.
අම්බලන්තොට, රිදියගම සෆාරි උද්‍යානයේ මාස 3ක් වයසැති සිංහ පැටවුන් 6 දෙනා අද නම් ලැබූහ. එම පැටවුන් සඳහා නම් 4000ක් යෝජනා වී තිබිණි. ඒ අතරින් නම් 6ක් තෝරා ගැනුණු අතර සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නම් තැබිම සිදු කෙරිණි.
ඩෝරා සහ ලාරාගේ පැටවුන් වූ මෙම සතුන්ගේ පිරිමි සිංහ පැටියා මේඝ යනුවෙන් ද, ගැහැණු පැටවුන් ධාරා, අග්‍රා, භූමි, අකීරා සහ එල්සා යනුවෙන් නම් ලැබීය. එම අවස්ථාවට නම් යෝජනා කළ අයගෙන් තුන් දෙනෙක් සහභාගී වූ අතර ඔවුන්ට තිලිණ ප්‍රධානයක්ද සිදු කෙරුණි.
