පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ
වල් අලි තර්ජන බහුලව ඇති කරුවලගස්වැව ,නෙල්ලිවැව,සියඹලාවැව ඇතුළු ගම්මාන රැසක ජනතාව වෙත නොමිලේ පොල් පැළ බෙදා දීමට කරුවලගස්වැව වනජීවි නිළධාරීහු කටයුතු කළහ.
පසුගිය දින කිපය පුරාම කරුවලගස්වැව ගම්මාන රැසක ජනතාව වෙත පොල් පැළ 500 කට අධික සංඛ්‍යාවක් බෙදා දීමට වනජීවි නිළධාරීන් විසින් කටයුතු කර තිබුණි.
මෙම එක් පවුලක් සඳහා පොල් පැළ 5 කට ආසන්න සංඛ්‍යාවක් ලබා දෙමින් එම පොල් පැළ ඔවුන්ගේ පරිභෝජනය සඳහා ඉඩමේ වගා කිරීමට ප්‍රදේශවාසීන් උනන්දු කරවන ලදී.. මෙම පොල් පැළ බෙදා දිම පිළිබඳව කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩි.රාමසිංහ මහතා පවසා සිටියේ හිතවත් ඉඩම් හිමියකු විසින් ඔහුගේ විශාල ඉඩමේ දමා තිබු පොල් තවානකින් මෙලෙස පොල් පැළ ලබා දීම සිදුවූ බවයි. එම පොල් පැළ නිරන්තරයෙන් අලි තර්ජන පවතින ගම්මාන වල ජනතාවට ලබා දීම මගින් අනජීවිය අරමුණු කළේ වල් අලින් වනසා දැමු පොල් වගාවන් වෙනුවට සුළු ලෙස හෝ මෙවැනි පැළ කිපයක් ගෙවතු වල වගා කර යළි එම වගාව ඇති කිරීමට නිසි වැඩපිළිවෙලක් ඇති කිරීම බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


