කුලමුරිප්පුවී දැව ජාවාරමක් හෙළි වේ.

ප්‍රසන්න ප්‍රදීප් කුමාර    2025-02-11

මුලතිව් ඔඩ්ඩුසුඩාන් කුලමුරිප්පුවී ප්‍රදේශයේ නීති විරෝධිව තේක්ක දැව ප්‍රවාහනය කිරීමට සුදානම්ව තිබු කුඩා කැබ් රථයක් රියදුරෙකු සමග අත්අඩංගුවට ගත් බව ඔඩ්ඩුසුඩාන් පොලිසිය සඳහන් කරයි.

මෙම ප්‍රදේශයේ වනාන්තර ආශ්‍රිතව දැව ජාවාරමක් සිදු වන බවට පොලිසියට ලද තොරතුරකට අනුව පොලිසිය මෙම වැටලීම සිදු කොට තිබේ. මෙහිදී තේක්ක කඳන් 11 ක් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයට ප්‍රවාහනය කිරිම සඳහා සුදානම් කර තිබු බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වසන්තපුරම් ප්‍රදේශයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වැඩිදුර වීමර්ශන වලින් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳප්හා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔඩ්ඩුසුඩාන් පොලිසිය කටයුතු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *