පාරට කුණු දැම්මාට නඩු…

වැලිගම  තරංග ගුණරත්න 

වැලිගම නගරයේ ප්‍රධාන මාර්ග දෙපසට  කැලි කසල ගෙනවිත් දැමු  පනස් තුන්දෙනෙකු අතරින් දහ අට දෙනකුට එරෙහිව  අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් තිස්පස් දෙනෙකු සඳහා අවවාද කොට රතු නිවේදන නිකුත් කිරීමටත් පියවර ගත් බව වැලිගම පොලිසිය පවසයි.

වැලිගම බල ප්‍රදේශය තුළ නිවාස සහ ව්‍යාපාරක ස්ථාන තුළින් බැහැර කරනු ලබන විවිධ අපද්‍රව්‍ය ක්‍රමවත්ව  ඉවත් කිරීම   වැලිගම නගර සභාව සහ ප්‍රාදේශීය සභාව මගින් දෛනිකව සිදුකෙරේ
නමුත් ඇතැම් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන මගින් ඉවත් කරන කැලිකසල ඇතුළු විවිධ අපද්‍රව්‍ය වෙන් කිරීමකින් තොරව  වැලිගම නගරයේ ප්‍රධාන මාර්ග දෙපසට  ගෙනවිත් දමනු ලබයි.
ඒ මගින් පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු රැසක් පැන නැගී තිබේ.
මේ පිළිබඳව  පුවත්පත් මගින්, අත්පත්‍රිකා මගින්, ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සහ විවිධ අවවාදාත්මක පුවරු මගින්  ජනතාව දැනුවත් කළත්, එයට ජනතාව යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. මේ නිසා ීට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගයක් වශයෙන්  එම පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට  අදාළ ආයතන පියවර ගෙන තිබේ.  ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේ සහ වැලිගම පොල් වත්ත ප්‍රදේශයේ පාලම අසල අවවාදාත්මක පුවරු තිබියදී,  ඉකුත් ජනවාරි පළවෙනිදා සිට පෙබරවාරි මස 10 දින දක්වා  කාලයේදී පමණක්    එම ස්ථාන අසල කැලි කසල දැමූ පනස් තුන්දෙනෙකුු අතරින් දහ අට දෙනකු සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත්, තවත් තිස්පස් දෙනෙකු සඳහා අවවාද කොට රතු නිවේදන නිකුත් කිරීමටත් පියවර ගෙන තිබේ.
එම පිරිස මිරිස්ස ,කඹුරුගමුව, පළල්ල ගල්බොක්ක, අලුත් වීදිය, ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
තවද වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් සිදුකළ පස්දෙනෙකු සඳහාද අධිකරණ ක්‍රියාමාර්ග ගත් බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලිසියේ  ස්ථානාධිපති  උපුල් කුමාර මහතාගේ උපදෙස් මත  පොලිස් කොස්තාපල්වරුන් වන  (89308 ) වයි. එචි.පි. කේ ජයතිලක මහතා, (55807 ) නිරෝධ චතුරංග , (70127 ) දිලාන් කුලසිංහ ,(105978 ) ඩබිලිවි ,ආර්,එමි ,සි, ලක්ෂර සහ  කාන්තා පොලිස් නිලධාරි (10381 )  ඩබිලිවි ,ආර්.ඒ. තක්ෂිලා යන නිලධාරීහු එක්වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *