යාපනය විශ්ව විද්‍යාලයේ දෙපිරිසක් අතර ගැටුමකින් සිසුන් දෙදෙනෙකුට තුවාල.

වවුනියාව මාධව කුලසූරිය.

යාපනය,විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඊයේ(09) සවස ඇතිවු ගැටුමකින් විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය විශ්ව විද්‍යාල ආරංචි මාර්ග පවසයි.

විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීමේ වැඩසටහනකින් අනතුරුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හටගෙන ඇත.

එම ගැටුම  හට ගෙන ඇත්තේ  විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසර හා සිව්වන වසර ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතරය.

ගැටුමෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *