නාඋල ඉන්දික අරුණ කුමාර
මාතලේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,මාරාගමුව විහාරස්ථානයේ ධර්මශාලා ගොඩනැඟිල්ලේ ඊයේ රාත්‍රියේදී පුද්ගලයෙකු මියගොස් ඇතැයි නාඋල පොලිසිය කියයි.
අද දින (09)විහාරස්ථානයේ ක්‍රියාත්මක දහම් පාසල් සඳහා දරුවන් පැමිණි අවස්ථාවේ ධර්මශාලා ගොඩනැගිල්ලෙහි පුද්ගලයෙකු මිය ගොස් සිටින බව දෙමව්පියන්ට දැන්වීමෙන් අනතුරුව, සිද්ධිය සම්බන්ධයෙන් ආවුල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ ලින්තොට ගෙදර තිලකරත්න නමැති පනස් නව හැවිරිදි පිරිමි පුද්ගලයෙකු බව නාඋල පොලිසිය කියා සිටි.
මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


