පෙබරවාරි 9 – 23 දක්වා කොළඹදී පැවැත්වෙන ජාත්‍යන්තර මාස්ටර්ස් ක්‍රිකට් වයස අවුරුදු 50ට වැඩි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීමට මේ වනවිට මෙරටට පැමිණ සිටින ඇමරිකානු මාස්‍ටර්ස් ක්‍රිකට් වයස අවුරුදු 50ට වඩා වැඩි ක්‍රිකට් කණ්ඩායම පසුගියදා (05) මහරගම ඉන්දිරා පිළිකා භාරයේ සුව අරණ මධ්‍යස්ථානය වෙත පැමිණියේය.
ඒ ඔවුන් විසින් විවිධ රටවල සංචාරයන් සිදු කිරීමේදී ඒ ඒ රටවල සිදුකරනු ලබන සමාජසත්කාරක සේවාවන් සඳහා දායක වීම් වලට සමගාමීව ඉන්දිරා පිළිකා භාරයේ සිටින පිළිකා රෝගී දරුවන් වෙතද පිහිටවීම අරමුණු කර ගනිමින්.
ඉන්දිරා පිළිකා භාරය යනු ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන පිළිකා රෝගී දරුවන් සඳහාම සේවා සපයන සමාජසත්කාරක මධ්‍යස්ථානයකි. හිටපු කතානායකවරයකු වන කරූ ජයසූරිය මහතාගේ දියණියක් වන ඉන්දිරා ජයසූරිය මහත්මිය පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය යෑමෙන් අනතුරුව ඇය සිහිකරමින් මෙම ඉන්දිරා පිළිකා බාරය සහ සුව අරණ මධ්‍යස්ථානය විවිධ දානපතියන්ගේ ද ධන පරිත්‍යාගයෙන් මහරගම අපේක්‍ෂා රෝහලට යාබදව ඉදිකරනු ලැබිය. දැනටමත් මෙහි දරුවන් විසි දෙනෙකුට අධික පිරිසකට ඔවුන්ගේ දෙමාපියන් හෝ භාරකරුවන් සමඟ මහරගම අපේක්ෂා රෝහලේ ඔවුන් ප්‍රතිකාර ලබා ගන්න කාලය තුළදී නොමිලේ නවාතැන් පහසුම ලබා ගෙන රැඳී සිටී. එමෙන්ම ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන පිළිකා රෝගී පිරිස් සිටින පවුල්වලට විවිධ අයුරින් පිහිටවීමද මෙම ඉන්දියා පිළිකා බාරය මගින් සිදු කරනු ලබන තවත් සුවිශේෂීම සේවාවකි.
පළමුව සුව අරණ මධ්‍යස්ථානය වෙත පැමිණි ඇමෙරිකානු මාස්ටර්ස් වයස අවුරුදු 50ට වැඩි ක්‍රිකට් කණ්ඩායම ප්‍රමුඛ පිරිස ඉන්දිරා පිළිකා භාරයේ නිලධාරිනියන් විසින් ඉතා සුහදව පිළිගත් අතර එසේ පැමිණි පිරිස විසින් එහි නේවාසික රෝගීන් සමඟ සුහද පිළිසඳරක්ද සිදු කලේය.
එම අවස්ථාව සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙරට තානාපතිනී ජූලි චං මහත්මියද සහභාගී විය.
මෙහිදී ඉන්දිරා පිළිකා භාරය විසින් පිළිකා රොගීන් වෙනුවෙන් සිදුකරනු ලබන සමාජ සත්කාරක සේවාවන් පිලිබඳව ක්‍රිකට් කණ්ඩායමෙ සාමාජිකයින්ව දැනුවත් කිරීමක් ද සිදු කලේය. ඉන් අනතුරුව එම පිළිකා බාරය සඳහා තවදුරටත් ශක්තියක් වීමේ අරමුණින් යුතුව, ඇමරිකානු මාස්‍ටර්ස් ක්‍රිකට් වයස අවුරුදු 50ට වඩා වැඩි ක්‍රිකට් කණ්ඩායම විසින් පිළිකා භාරය වෙත ඇමෙරිකානු ඩොලර් 10,000/= මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කලේය.
ඇමෙරිකානු තානාපතිනිය විසින් එහිදී පිරිස අමතමින් සඳහන් කලේ සිය රජය ලාංකීය ජනතාව වෙත උපකාර කිරීමට විවිධ අයුරින් දායකත්වන් දක්වන බවය. එසේම ඇමෙරිකානු මාස්ටර්ස් වයස අවුරුදු 50ට වඩා වැඩි ක්‍රිකට් කණ්ඩායම මේ ආකාරයෙන් මෙම ආයතනය සඳහා උපකාර කිරීම පිළිබඳවද තමන් බෙහෙවින් සතුටට පත්වන බවත් ඒ සඳහා ඔවුන්ට ස්තූතිවන්ත වන බවත් ඇය සඳහන් කලේය.
මෙහිදී ක්‍රිකට් කණ්ඩායමේ නායක සංජීව වීරසිංහ අදහස් දක්වමින් සඳහන් කලේ ඇමෙරිකාව තුල වසර හතරකට පමණ පෙර ආරම්භ කල මාස්ටර්ස් ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදීද සුව අරණ මධ්‍යස්ථානය වෙත සිය සහයෝගයන් ලබා දෙන බවය.
මෙම අවස්ථාව සඳහා ඉන්දිරා පිළිකා භාරයේ සභාපතිනිය වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක ඇතුලු පිරිසක්ද සහභාගී විය.
දිනේෂ් රූපසිංහ – කොළඹ


