ජාතික තරැණ සේවා සභාවේ නව සභාපතිවරයා ලෙස ඊයේ (03) දිනයේදී නීතිඥ සුපුන් විජේරත්න මහතා පත්විය.
අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන සුපුන් විජේරත්න මහතා කොළඹ දිස්ත්‍රික් යෞවන සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම ,ජාතික යොවුන් පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රීක් කණ්ඩායම් නායකයකයා ලෙසද කටයුතු කළේය..
රාජකාරී අරඹමින් ඔහු සඳහන් කලේ , මෙය යෞවන සමාජ ක්‍රියාකාරිකයෙක් ජාතික තරුණ සේවා සහාවේ ඉහළම පුටුවට පත් වූ සුවිශේෂී අවස්ථාවක් ලෙසත් සියලු දෙනා එක්ව ජාතික තරුණ සේවා සභාව මේ රටේ ජනතාවගේ ආදරණීයම රාජ්‍ය ආයතනය ලෙසට පත් කිරීමට කටයුතු කළයුතු බවත් ය
මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ තරැණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ..නීතිඥ සුපුන් විජේරත්න මහතා පත් වූයේ ජාතික තරැණ සේවා සභාවේ 33 වන සභාපතිවරයා ලෙසය.

