බෙලිහුල්ඔය ප්‍රදේශයට මහ  වැසි.                    

අජිත්ලාල් ශාන්තඋදය

බදුල්ල හැටන්  යන ලදුයාය අතුරු මාර්ගයක නායයාම සහ පස්කදු කඩාවැටීම්    ගමනාගමනය ද ඇණහිටී

බදුල්ල  සිට හැටන් දක්වා ගමන් කරන කෙටි මාර්ගයක් වු බළන්ගොඩ, බෙලිහුල්ඔය ලදුයාය හරහා බොරන්ජමුව මාර්ගය 31දා අලුයම නායයාම් සහ පස්කදු කඩාවැටීම් නිසා ගමනාගමනය මුලුමනින්ම ඇණහිට ඇත.

වැවකදුර සහ කට්ටඩිඇල්ල යන ස්ථාන දෙකේ මෙම අපාදාවන් සිදුව ඇත. බෙලිහුල්ඔය තානායම අසළ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි ඉහළ ගලගම සමූපකාරය අසලය පමණක් වාහන ගමන් කළ හැක. එතැන් සිට කිලෝමීටර් අටක දුරකට වාහන ගමනාගමනය ඇණහිට ඇත. මෙම මාර්ගය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් මාර්ගයකි. පහන්තුඩා ඇල්ලට යන්නේ ද මෙම මාර්ගයෙනි. නමුත් එතැනට යන අතුරු මාර්ගය දක්වා ගමන්ගමනයට බාධාවක් නැත.

සබරගමුව පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් මාර්ගය නඩත්තු කරනු ලබයි. ස්ථාන දෙකකදි පාරට ගස් සමග විශාල පස්කදු කඩා වැටී ඇත. තවත් ස්ථානයකදී කාපට් ඇතිරූ මාර්ගයෙන් පහළ කාපට් ද සමග නායයාමට ලක්ව තිබේ. මෙම මාර්ගයේ බලන්ගොඩ සිට ලදුයාය දක්වා පොදු ප්‍රවාහන සේවා බස්රථ හතරක් ධාවනය වෙයි. පාසල්දරුවන්, රාජ්‍ය. පළාත් රාජ්‍ය., ඇගලුම් ඇතුලු පුද්ගලික අංශවල සේවය කරන විශාල පිරිසක් දිනපතා පොදු ප්‍රවාහන සේවා භාවිත කරති.

ගම්මාන රැසක් ඇති අතර එළවලු වගාව ප්‍රධාන වශයෙන් ජනතාවගේ ජිවනෝපාය වෙයි. තේ වගාවද ඇත. එළවලු සහ අමු තේදලු ප්‍රවාහනයට ලොරි සහ ටිපර් රථ දිනපතා මෙම මාර්ගයෙන් පැමිණෙයි. ආපදා තත්ත්වය හේතුවෙන් එම වාහන වලට ද පැමිණිය නොහැක. පන්දහසකට වැඩි ජන කොටසකට මේ හේතුවෙන් ගැටලු පැන නැගී ඇත.

කාපට් කළ මාර්ගයේ නාය ගිය ස්ථානයේ කාපට් ඇතිරූ කොටසක යට පිහිටි පස් තට්ටුවෙන් කොටසක් නායයාම ලක්විම නිසා ත්‍රිරෝද රථයක් පවා ධාවනය කිරීම දැඩි අවදානම්ය.

බදුල්ල හා හැටන් අතර යන කෙටි දුරක් ඇති අතුරු මාර්ගයක් නිසා දෙස් විදෙස් සංචාරයකයන් ගමන් ගන්නා වාහන ද දිනපතා මෙම මාර්ගය භාවිතයට ගනී. ඒ සංචාරක ආකර්ශනය නිසාය. ලෝකාන්තය දක්වා යා හැකි පාගමන් මාර්ගයක් ද මෙම මාර්ගයේ ටික දුරක්ගිය විට ඇත

Leave a Comment

Your email address will not be published. Required fields are marked *