පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අත්අඩංගුවට.

වවුනියාව මාධව කුලසූරිය –

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අනුරාධපුර පොලිසිය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පසුගිය 21 වැනිදා අනුරාධපුරය රඹෑව ප්‍රදේශයේදී රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධාවන ලෙසට හැසිරීම සම්බන්ධයෙන් වු සිද්ධියකට අදාළව අර්ච්චුනා මහතා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අනුරාධපුරය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුරය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මීට පෙරද මන්නාරම මහ රෝහලේ රාජකාරි කටයුතු වලට බාධා කිරීම හා යාපනය රෝහලේ කටයුතු වලට බාධා කිරීම යන වරදවල් වෙනුවෙන්ද අර්ච්චුනා මහතා අත්අඩංගුවට ගැනිණි..

2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කළ ස්වාධීන කණ්ඩායම් අංක 17 යටතේ අර්ච්චුනා මහතා පාර්ලිමේන්තුවට තේරී පත්විණ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *