වවුනියාව මාධව කුලසූරිය –
යාපනය සිට කොළඹ බලා ධාවනය වු ශිඝ්රගාමි දුම්රිය වවුනියාව, ඕමන්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (26) සවස පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසූවේ දුම්රිය පීලි පැනීම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, දුම්රිය පීලි ගත කිරීම මේ වන විට සිදුකරමින් පවතින බවයි.
දුම්රිය පීලිපැනීම හේතුවෙන් කොළඹ සිට යාපනය දක්වා වන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.