අධික ව(ර්)ෂාවෙන් විපතට පත් වුවන්ට සහන සපයන්න නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්

කතෘ – ප්‍රසන්න ප්‍රදීප් කුමාර –   

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ විපතට පත් ජනතාව සදහා සහන සැපයීමට නාවික හමුදාව විසින් අපදා සහන කණ්ඩායම් යොමු කර තිබේ. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ වෙතත්, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශය වෙතත් නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් 04ක් යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කොට තිබේ.

එම සහන කණ්ඩායම් බුද්ධංගල සහ මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශයේ අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවටපත් මහජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සහ අධික වර්ෂාව නිසා ආපදාවට පත්ව ඇති ලාහුගල මහ වැවේ වැලි කොට්ට යොදා තාවකාලික ආධාරක ඉදි කිරීමේ කටයුතු සිදු කරමින් සිටින අතර, මේ වන විට පාසල් ළමුන් ඇතුළු පුද්ගලයින් 3009 දෙනෙකු වෙත නාවික හමුදා යාත්‍රා මඟින් ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් සලසා ඇත.

තවද, ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් හතලිස් අටක් (48) සූදානමින් තබා ඇති බවද නාවික හමුදාව සදහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *