කොලින් හරිශ්චන්ද්‍ර
ගෝලීය සාම මෙහෙයුම් සඳහා නව සාමාජිකයන් පිරිසක් සමාජගත කෙරේ.
ඊයේ (08) දින ගෝලීය සාම මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නව සාමාජිකයින් සමාජගත කිරීමක් BMICH පරිශ්‍රය තුළදී සිදු කෙරිණි.
මෙහිදී නියෝජ්‍ය පොලිස්පති ශිෂ්‍ය බට පුහුණු රොෂාන් රාජපක්ෂ මහතාද ඇතුළු පිරිසක් සහභාගී විය. නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතා විසින් මානව හිමිකම් සුරැකීමේ වැදගත්කම පිළිබඳ විශේෂ දේශනයක් සිදු කරන ලදී.
තවත් සුවිශේෂී කාරණාවක් වන්නේ අර්ජුන රණතුංග මහතාද ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ ජාත්‍යන්තර ක්‍රීඩාව සම්බන්ධව කටයුතු කිරීම උදෙසා අත්වැල් බැඳ ගැනීමය. තවද සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නායක නිල් වර්ණකුලසූරිය මහතාද ජාත්‍යන්තර කලාව සම්බන්ධව කටයුතු කිරීම උදෙසා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය සමඟ අත්වැල් බැඳ ගත්තේය.
මානව හිමිකම් ප්‍රවර්ධනය හා මානව හිමිකම් සුරැකීම උදෙසා මෙම සාමාජිකයින් ඉදිරියේදී කටයුතු කරනු ඇත.


