( ලසන්ත නිරෝෂණ පෙරේරා )


වෛද්‍ය නිර්දේශ නොමැතිව වේදනා නාශක පෙති වර්ගයක් පාසල් දරුවන්ට සහ තරුණයන්ට අලෙවි කළේ යැයි සැකපිට ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු සහ එම පෙති ළඟ තබාගෙන සිටි තරුණයෙකු සැකපිට ඊයේ (01) දින පස්වරුවේදි අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙම වේදනා නාශක පෙති වෙද්‍ය නිර්දේශයට පමණක් ලබාදිය යුතු බවට ඖෂධසැල් වලට නියම කර ඇති අතර නියමිත මාත්‍රාවට වඩා එම ඖෂධය ලබා ගත් විට මත්වෙන බවද ඒ නිසා සමහර ඖෂධ සැල් මෙම පෙති නිත්‍යානුකුල නොවන ලෙස අලෙව් කරන බවට තොරතුරු ඇතැයිද පොලිසිය පවසයි.
ඇඹිලිපිටිය ප්‍රදේශයභාර පොලිස් අධිකාරි තුසිත කුමාර මහතාට ලද තොරතුරකට අනුව ඔහුගේ උපදෙසින් ඇඹ්ලීපිටිය කොට්ටාස අපරාධ ව්ශේෂ ව්මර්ශන ඒකකය ව්සින් මෙම වැටලිම සිදු කර තිබේ.
ගොඩකවෙල නගරයේ පාසල් කිපයක් තිබෙන බවත් මෙම පාසල්වල දරුවන් සහ තරුණයන් ඉල්ක්ක කර ගනිමින් ගොඩකවෙල නගරයේ මත් කුඩු සහ මත් පෙති වර්ග අලෙවිය කලෙක පටන් සිදු කරන බවත් ඒ පිලිබද සොයා බැලිමේ දි නගරයේ තිබෙන ඔසුහලක වෛද්‍ය නිර්දේශ නොමැතිව මත්පෙති ලබාදිම සිදු කරන බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. එම ඖෂධ සැල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට අයත් බව පොලිසිය පවසයි.
ඇඹිලිපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂක කොඩිතුවක්කු මහතා ඇතුළු නිලධාරින් කාණ්ඩායමක් යොදවා මෙම වැටලිම සිදු කර තිබේ.
නිලධාරින් කාණ්ඩායම සැකකරුගේ නිවසට යන විටත් මත් පෙති ලබා ගැනිම සදහා තරුණයෙකු පැමිණ සිට ඇති අතර එම තරුණයාත් සැකකරුත් පරික්ෂා කිරිමේදි සන්තකයේ තිබු මත් පෙති 1850ක් අත්අඩංගුවට ගත් බවත් පැමිණි තරුණයාගෙන් ප්‍රශ්න කිරිමේදි පවසා ඇත්තේ මත්පෙති නවයක් රුපියල් 700කට ලබා දෙන බවයි.
අත්අඩංගුවට ගත් මත්පෙති 1850ත් සැකකරුවන් දෙදෙනාත් (02) දින ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව ගොඩකවෙල පොලිසිය පවසයි.