(ලසන්ත නිරෝෂණ පෙරේරා )

පසුගිය තෙදිනක  කාලයේදි  රත්නපුර දිස්තිුක්කයට බලපෑ තද සුළං සහ ගස් කඩාවැටිමෙන් නිවාස 397 කට අර්ධ හානි සිදුව් ඇතැයි රත්නපුර දිස්තිුක් ආපදා කළමනාකරණ ඒකකය පවසයි .

පසුගිය 28, 29 සහ 30 යන තෙදින තුළ මෙම හදිසි ආපදා තත්ත්වය ඇතිවිය. ඊයේ 31 වනදා කිසිදු ආපදා සිදුවිමක් වාර්තා නොවු බවද රත්නපුර දිස්තිුක් ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානියා පැවසිය .

සුළඟ නිසා රත්නපුර , කුරුවිට බලන්ගොඩ  සහ ඇහැලියගොඩ ප්‍රදේශිය ලේකම් කොට්ටාසවල  නිවාස රැසකට හානි සිදුව් ඇත. දිස්තිුක්කයේ සෙසු ප්‍රාදේශිය ලේකම්වල  කොට්ථාස වල නිවාස රැසකටද අලාභ හානි සිදුව් ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි .

අර්ධ හානි වු නිවාස වලට වන්දි ලබාදිම සඳහා කටයුතු කරන ලෙස රත්නපුර දිස්තිුක් ලේකම් කේ.ජී.එස්.නිශාන්ත මහතා ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් ලබාදි තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ සම්පුර්ණයෙන්ම හානිවු නිවාස නොමැති බව ද දිස්තිුක් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙක් සදහන් කළේය .

ගස් කඩා වැටිම නිසා පුද්ගලයින් හත් දෙනෙකු  රෝහල් ගත කර තිබේ.බලන්ගොඩ සහ වේවැල්වත්ත ප්‍රදේශයේ පාසල් ගොඩනැගිලි දෙකකටද හානි සිදුව් ඇති අතර   ව්දුලිය බිඳ වැටිම් සිය ගණනක් වාර්තා වි තිබේ.

ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනය ව්සින් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට පමණක් නාය යෑමේ අවදානම් නිවේදන පළමු අදියර නිකුත් කර තිබේ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *