ප්‍රදේශ කිහිපයකට තද වැසි

(චම්පිකා මුතුකුඩ)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ  මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ  මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ . 

 

බස්නාහිර සහ  සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ  මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය  හැක.

 දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය  හැක.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද, බස්නාහිර, දකුණු සහ  වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට   පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය  හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *