තැපෑලේ නොසැලකිල්ලෙන් විභාග ප්‍රවේශපත්  විභාගය දිනට පසුව ඇවිත්

(වැලිගම  තරංග ගුණරත්න)

 කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සේවයේ III ශ්‍රේණියේ  බඳවා ගැනීම සඳහා  පැවති විවෘත තරඟ විභාගයේ   විභාග ප්‍රවේශ පත්‍රය  වැලිගම තැපැල් කාර්යාලය මගින් ප්‍රමාද වී බෙදා හැරීම නිසා  එම විභාගයට ඉදිරිපත් වීමට නොහැකි වූ බවත් ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස  රැකියා අපේක්ෂකයින් පිරිසක් ඉල්ලා සිටිති.

කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සේවයේ III ශ්‍රේණියේ   විවෘත තරග විභාගය  බඳවා ගැනීම සඳහා වැලිගම ප්‍රදේශයේ පදිංචි පිරිසක්ද  2019 වර්ෂයේදී අයදුම් කර තිබිණි.
එ අනුව    ඉකුත් 18  දින   පෙරවරුවේදී  අදාළ තරග විභාගය 
වැලිගම නගරයේ ප්‍රධාන පාසලක පැවැත්වීමට නියමිතව තිබිණි.
ඒ සඳහා අදාළ ප්‍රවේශ පත්‍ර විභාග  දෙපාර්තමේන්තුව මගින්  අයදුම්කරුවන් වෙත තැපැල් මගින්  බෙදා හැරීමට කටයුතු යොදා තිබිණි .
නමුත්  ඉකුත් 18 වෙනි දින පෙරවරුවේ පැවැත්වෙන විභාගයේ ප්‍රවේශ පත්‍ර   වැලිගම තැපැල් කාර්යාලයේ තැපැල්කරුවන්ගේ  නොසැලකිලිමත් බව නිසා ප්‍රමාද වී අයදුම්කරුවන්ට ලැබී තිබුණේ පසු දිනය. මේ  නිසා අදාළ තරග විභාගයට ඉදිරිපත් වීමට නොහැකිවු  බව   ඔවුහු පවසති.
තවද   වසර හයකට පසුව ලැබුණු අවස්ථාවද  අහිමි වී  ගිය බවත් මේ සම්බන්ධයෙන්  තමන්ට සිදුවූ අගතිය වෙනුවෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර සාධාරණයක්  ඉටු කරන්නැයි ඔවුහු බලධාරීන්ගෙන්  ඉල්ලා සිටිති .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *