(නිපුණ නිර්මාල්)
ඉන්දීය සත්කාරකත්වය යටතේ පැවති යොවුන් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී බංගලාදේශ අවු.19 පහළ කණ්ඩායම පරාජය කරමින් ඉන්දීය අවු.19 කණ්ඩායමට වයස අවුරුදු 19න් පහළ යොවුන් පාපන්දු ශූරතාවය දිනාගැනීමට හැකි විය.
තරගයේ නියමිත කාලයේදී දෙපිලම ගෝල එකට එකක් ලෙස සම තත්ත්වයක පසුවීම හේතුවෙන් ජයග්‍රහකයා තීරණය කිරීමට දඩුවම් පහර යොදාගෙන ඇත.
එහිදී ගෝල 4ට 3ක් ලෙස ඉන්දීය කණ්ඩායම දඩුවම් පහර සාර්ථක කරගනිමින් ශූරතාවයට හිමිකම් කීමට සමත් විය.
මෙම තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායමට මූලික වටයෙන් ඉවත් වීමට සිදු වූයේ ඉන්දියාව හා නේපාලය හමුවේ පරාජය වීමට සිදුවීමත් සමගිනි.
