කෝවිලට වූ හානිය ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි රක්වාන ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක

(ලසන්ත නිරෝෂණ පෙරේරා )

රත්නපුර දෙණියාය මාර්ගය ප්‍රතිසංස්කරණයේදි  රක්වාන පුංචි බාර්වත්ත ශ්‍රි භද්‍රකාලි අම්මාන් හින්දු කෝවිලේ භූමියට සිදුවු හානි ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසින් පිරිසක් රක්වාන දෙණියාය මාර්ගය පැය තුනක් පමණ අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.

අද  19 වනදා උදැසන 09 සිට 11 දක්වා මෙම උද්ඝෝෂණය පැවත්විණ.

වසර 150 කට වඩා පැරණි මෙම හින්දු කෝවිල ආරක්ෂා කරමින් රක්වාන දෙණියාය මාර්ගයේ ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙස පුරාවිද්‍යා දේපාර්තමේන්තුවද උපදෙස් ලබා දී තිබුණත් කෝවිලේ පැති බැම්මද කඩා දමා මාර්ගය ප්‍රතිසංස්කරණය කර ඇතැයි උද්ඝෝෂණයේ නිරතවු අය පැවසුහ.

මාර්ගය ඉදිකිරිමේදි සිදුවු හානි ප්‍රතිසංස්කරණය සිදු කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය අවස්ථා කිපයදි හින්දු කෝවිලේ භාරකරුවන්ට සහ ප්‍රදේශවාසින් ට පොරොන්දු වුවද එය ඉටු නොකිරිම නිසා උද්ඝෝෂණය සිදු කළ බව ගම්වාසීහු  පැවසුහ.

මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානියෙකු පැමිණ පොරොන්දුවක් දෙන තුරු උද්ගෝෂණය අත් නොහරින බව උද්ඝෝෂකයින් දැනුම්දිමෙන් පසු එම අධිකාරියේ ඉංජිනේරු මේනක චන්ද්‍රසේන මහතා පැමිණ උද්ඝෝෂණයේ නිරත පිරිස සමග සාකච්ඡා කළේය .

හින්දු කෝවිලේ පැති බැම්ම සහ මාර්ගය ඉදිකිරිමේදි සිදුවු හානි ප්‍රතිසංස්කරණ කඩ්නමින් ආරම්භ කරන බවට පොරොන්දු විමෙන් පසු උද්ඝෝෂණය අවසන් කිරිමට ගම්වාසීහු තීරණය කළහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *