ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට රජය තීරණය කර තිබේ.
අද (2025/05/15) දින රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.
ජූනි 10 වන දින දක්වා ලුණු ආනයනය කිරීම සදහා
අවසර ලබා දීමටද එහිදී තීරණය විය.
. කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු මෙන්ම ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ.
