කසිප්පු ජාවාරම  නවත්වන්නැයි ගම්වැසියෝ වීදි බසිති.

(ලසන්ත නිරෝෂණ පෙරේරා )

සංවිධානාත්මක ලෙස සිදු කෙරෙන  රක්වාන බාර් වත්ත ප්‍රාදේශයේ  කසිප්පු ජාවරම නවත්වන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසින් පිරිසක් දෙණියාය රතනපුර ප්‍රධාන මාර්ගය රක්වාන බාර් වත්ත ප්‍රදේශයේදි හරස් කරමින්  අද (14) උදැසන කාලයේදී උද්ඝෝෂණයක නිරත වුහ.

මෙම කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු පොලිසියටද චෝදනා කළහ. වතුකරයේ කසිප්පු ජාවාරම මැඩලිමට පොලිසිය ක්‍රියා නොකරන බවත් සමහර පොලිස් නිළධාරින් නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් ආරක්ෂා කරන බවත්  උද්ඝෝෂණයේ නිරත ගම්වාසීහු සදහන් කළහ.

මේ පිළිබඳව  සොයා බැලිමට පැමිණි රත්නපුර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා හමුවේ ගම්වාසීන් සදහන් කළේ මෙම කසිප්පු ජාවරම මැඩලිමට පොලිසියට දැනුම් දුන්නද පොලිසිය නිසි මැදිහත්විමක් නොකළ බවයි.

අද (14 ) පෙරවරු හතේ සිට පැය තුනක කාලයක් පැවති උද්ඝෝෂණයේදි ගම්වාසීන් ඉල්ලා සිටියේ  ප්‍රදේශයේ නීතී විරෝධි කසිප්පු ජාවරම නවත්වන ලෙසයි.

පසුගිය 13 වනදා   වයස අවුරුදු 14 ක ළමයෙකුට කසිප්පු පානය කිරිමට දිමේ සිද්ධියක්  ගැනද  ගම්වාසීහු සදහන් කළහ. එම ළමයා යොදවා පොල් කඩාගෙන මුදල් වෙනුවට කසිප්පු දි ඇතැයි ගම්වාසීහු කියති.

ප්‍රදේශයේ කසිප්පු ජාවරම්කරුවන් මේ වන විටත් පොලිස් ව්ශේෂ කාර්‍ය් බලකාය ව්සින් අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි .ඉදිරියට ප්‍රදේශයේ කසිප්පු ජාවාරම සිදුවුවහොත් ඒ ගැන තමාට හෝ සහකාර පොලිස් අධිකාරිවරයාට දැනුම් දෙන ලෙසද රත්නපුර පොලිස් අධිකාරිවරයා ගම්වාසීන්ට පැවසුහ.නීතිය අතට ගෙන ක්‍රියා නොකරන ලෙස පොලිස් අධිකාරිවරයා ගම්වාසීන් ට පැවසීය.

වතු යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමති සුන්දරලිංගම් ප්‍රදිප් මහතා ද රක්වාන ප්‍රදේශයයේ කසිප්පු ජාවරම ගැන රත්නපුර දිස්තිුක්කයේ උසස් පොලිස් නිලධාරින්ට අද දැනුම්දි ඇත.

,,,,,,,,,,,,,,,,,,,,,,,, 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *