සමන් පෙරේරා
දේශීය වෙළඳපළේ රත්‍රං මිල අඩු වී ඇතැයි රන් ආශ්‍රිත නිෂ්පාදනකරුවන් පවසයි. ඉකුත් සතියේ පැවති මිලට සාපේක්ෂව රත්‍රං පවුමක් රුපියල් 6,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත අනාවරණය කරයි.
පසුගිය සෙනසුරාදා දින කැරට් 22 රත්‍රං පවුමක මිල රු. 246,000ක් ලෙස සඳහන්ව තිබූ රත්‍රං මිල අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි රු. 240,500ක් දක්වා පහළ ගොස් තිබේ.
එමෙන් ම සෙනසුරාදා රු. 266,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 260,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග අනාවරණය කරයි.

