තරුණියක් පිළිස්සී මරුට

(සංජීවනී පද්මසේන)

කොට්ටාව රුක්මලේ ප්‍රදේශයේ මිගාර මාවතේ නිවසක ඇතිවූ ගින්නක් නිසා එහි සිටි තරුණියක් පිළිස්සී මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ සුදම්මණී ධූරංජා නැමැති දහනව හැවිරිදි තරුණියකි. ඇය එම නිවසේ තවත් සිව් දෙනෙකු සමඟ කුලී පදනම මත මාස අටක පමණ කාලයක සිට වාසය කර ඇත.

සිදුවීම වන දිනයේ නිවසේ සිටි අනෙත් අය වෙසක් සිරි නැරඹීම සඳහා පිටත්ව ගොස් සිටියදී නිවසේ තනිව සිටි ඇය මෙලෙස ගින්නට හසුවී තිබේ.

කෝට්ටේ ශ්‍රී ජයවර්ධන පුර ගිනිනිවන ඒකකයේ නිලධාරින් ප්‍රදේශ වාසී ජනතාවද සමඟ එක්ව ගින්න නිවා දැමීමට කටයුතු  කළ නමුත් සම්පූර්ණයෙන් පිළිස්සී සිටි තරුණියගේ දිවි බේරා ගැනීමට නොහැකි වී තිබේ.

ගින්නෙන් නිවසේ දේපල වලට මෙන්ම වහලයටත් දැඩි අලාබ හානි වී තිබේ.

මේ පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *