ජාත්‍යන්තර තැලසීමියා දිනය අදයි.

සංජීවනී පද්මසේන

තැලසීමියා යනු ජාන මඟින් සම්ප්‍රේෂණය වන ප්‍රවේණිගත රෝගයක් වන අතර එහි ප්‍රධානතම ලක්ෂණය වන්නේ රක්තහීනතාවය හෙවත් නීරක්තියයි. රුධිරයේ අඩංගු “හිමොග්ලොබින්” කොටසේ සිදුවන ව්‍යුහාත්මක වෙනසක් නිසා මෙම රෝගය ඇතිවේ.

තැලසීමියා වාහකයින් දෙදෙනෙකුගෙන් බිහිවන දරුවා මහා තැලසීමියා රෝගියෙකු බවට පත් වීමට බොහෝ ඉඩකඩ ඇති බැවින් විවාහයට පෙර තමා තැලසීමියා වාහකයෙකු දැයි රුධිර පරීක්ෂණයකට යොමුවීම මෙම රෝගය ඇතිවීම වැළැක්වීම සඳහා කළහැකි හොඳම විකල්පයයි.

මෙම රෝගීන් මසකට වරක් හෝ රුධිර පාරවිලයනයට ලක් කළ යුතු අතර ලංකාවේ රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන රුධිරය බොහෝ ප්‍රමාණයක් වැය වන්නේ තැලසීමියා රෝගීන්ගේ ජීවන ගමන මොහොතක් හෝ දීර්ඝ කරලීම උදෙසාය.

ශ්‍රී ලංකාවේද ළමුන් 2000-2500 අතර ප්‍රමාණයක් තැලසීමියා රෝගීන් වන අතර ලක්ෂ 5ක පමණ තැලසීමියා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

තැලසීමියා රෝගීන් දිරි ගැන්වීම හා ඔවුන්ට රෝගය ගැන අවබෝධයක් ලබා දීම සඳහා යෙදෙන ජාත්‍යන්තර තැලසීමියා දිනය අදට යෙදී ඇති අතර “තැලසීමියා සමඟ එක්ව ප්‍රජාවන් එක්සත් කිරීම හා රෝගීන්ට ප්‍රමුඛතාව ලබා දීම” යන්න මෙවර එහි තේමාවයි.

එම අහිංසක ජීවිත වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමෙන් ඔවුන්ගේ ජීවිතය දිනක් හෝ දීර්ඝ කරලන සත්කාරයට දායක වීමට ඔබටත් හැකිනම් එය මහා පුන්‍යකර්මයක් වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *