ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ සංචාරකයින් වැඩි වෙලා

වර්ෂා අමරජිත් _එරත්න

2025 වර්ෂයේ අප්‍රේල් මාසය තුළ   විදෙස් සංචාරකයන්ගේ  පැමිණීම පෙර වර්ෂයේ අප්‍රේල් මාසයට වඩා වැඩිවීමේ ප්‍රවනතාවයක් ඇතැයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.මෙලෙස විදෙස් සංචාරකයන් එක්ලක්ෂ හැත්තෑ හතර දහස් හයසිය අටක් (1,74,608) මෙම වර්ෂයේ අප්‍රේල් මාසය තුළදී පමණක් දක්නට ඇතැයි වාර්තාවේ.

     පසුගිය වර්ෂයේ අප්‍රේල් මාසය තුළ  විදෙස් සංචාරකයන් මෙරටට පැමිණ ඇත්තේ එක් ලක්ෂ හතළිස් අට දහස් අටසියහැට හතක් (1,48,867) බවද පසුගිය වසරේ අප්‍රේල් මාසය ට සාපේක්ෂව මෙම අප්‍රේල් මාසයේදී සංචාරකයන් විසි පන්දහස් හත්සිය හතලිස් එක (25,741) ක වැඩි වීමක් දක්නට ඇතැයි සංචාරක ප්‍රවර්ධන කාර්ය්‍යංශය පවසයි.

 අප්‍රේල් මාසයේ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් වැඩිම පිරිසක් ඉන්දියාවේ සංචාරකයින් වන අතර,එය එක් ලක්ෂ පනස් හත්දහස් පනස් නවය (1,57,059) ක් බවත් කියැවේ. මීළඟ වැඩිවීම රුසියාවෙන් බවද එය එක්ලක්ෂ හත්දහස් අනූතුනක් (1,07,093) බව ද වාර්තාවෙයි.

  මෙම වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් යන සිව් මාසවල සංචාරකයන්  අට ලක්ෂ අනූහය දහස් අටසිය අසූ හතරක් (8,96884)ක්  පැමිණ ඇති බවද කාර්ය්‍යංශය වැඩි දුරටත්  පවසයි. පසුගිය වර්ෂයේ මුල් සිව් මාස තුළ වාර්තා වී ඇති  සංචාරකයන් සංඛ්‍යාව හත් ලක්ෂ අසූහතර දහස් හයසිය පනස් එකක් (7,&4651)ක් වේ. ඒ අනුව ඉහත සිව් මාසවල සංචාරකයන් එක් ලක්ෂ දොලොස් දහසක් දෙසිය තිස් තුන !,12233ක වැඩි වීමක් පෙන්නුම් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *