ප්‍රසන්න රණවීර රක්ෂිත බන්ධනාගාරයට

යසංග මහාවිතාන

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය මගින් නියෝග කොට තිබේ

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මඟහරිමින් සිටි  හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අද (07) පෙරවරුවේ මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර විය.

දේශපාලන කරළියේ ආන්දෝලනාත්මක චරිතයක් වූ ප්‍රසන්න රණවීර මහතා දිගින් දිගටම අධිකරණය මඟහැරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි.

අද දින අධිකරණය වෙත භාරවීමෙන් පසු හිටපු අමාත්‍යවරයා මැයි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලෙස මහර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කොට තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *