මාතර චන්ද්‍ර පෙට්ටි ගෙනයාම

වැලිගම  තරංග ගුණරත්න 

මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය⁣ට අදාලව ජන්ද විමසුම හෙට (6 ) දින පැවැත්වීමට නියමිතය  ඒසදහා  ජන්ද මධ්‍යස්ථාන වෙත ජන්ද පෙට්ටි රැගෙන යාම අද උදැසන සිදු විය

පළාත් පාලන මැතිවරණය⁣ට අදාලව ජන්ද විමසුම හෙට (6 ) දින පෙරවරු 7:00 සිට පස්වරු 4:00 දක්වා  පැවැත්වීමට නියමිතය
එ අනුව  මාතර දිස්ත්‍රික්කයේ  මහා නගර සභා  එකක්ද ,නගර සභා 01 ද  ප්‍රාදේශිය සභා 15 ක්  ඇතුළු  පළාත් පාලන ආයතන 17කට සභිකයින්  365 දෙනෙකු තෝරාපත් කර ගැනිමට නියමිතය
එ සදහා  ජන්ද මධ්‍යස්ථාන 542 කදි ජන්ද විමසිම් කටයුතු පැවැත්විමට  සියලු කටයුතු සූදානම් අතර එ සදහා මාතර දිස්ත්‍රික්කයේ  ජන්ද දායකයින් 693549 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මාතර දිස්ත්‍රික්ක සහාකාර මැතිවරණ කොමසාරිස්  පුලස්ති පතිරණ මහතා පැවසීය. .
තවද  සාමකාමී මැතිවරණයක් සදහා  සියලුම අපෙක්ෂකයන් සහ ජන්ද දායකයන් කටයුතු කරන ලෙසද  හෙතෙම ඉල්ලා සිටියේය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *