යසංග මහවිතාන
හයවෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.
අද මැදියම් රැයේ සිට මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ නිහඬ කාලය ලෙස සැලකෙනු ඇත.
අද මැදියම් රැයෙන් පසුව මැතිවරණ දිනය දක්වා කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි.
මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 4150කි.
