කොම්පඤ්ඤවීදිය ගුවන් පාලමේ ඉදිකිරීම්  ප්‍රමාද වීමෙන් දිනකට රුපියල් ලක්ෂ 5ක පාඩුවක්  

ලක්මිණි නදීෂා  

කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය අසල බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත දක්වා ඉදිකරමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වීමට හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් මිලියන 400 ක් පමණ ගෙවීමට සිදුවී ඇති බව හෙළි වෙයි.

එනම් දිනකට රුපියල් ලක්ෂ 5 ක සැලකිය යුතු පාඩුවක් සිදුවන බවට ගණන් බලා ඇත.  

මේ පිළිබඳව සොයා බැලීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ(28) එහි නිරීක්ෂණ චාරිකාවකට නිරත විය.

මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති (පොලිස්පති) ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු නිලධාරීහුද සහභාගී වූහ.

ප්‍රමාදයට හේතුව වූයේ පොලිස් නේවාසික නිවාස බවත් එම පොලිස් නිවාස කඩිනමින් ඉවත් කිරීමට පියවර ගැනීමට අදාළ අංශවලට උපදෙස් ලබාදීමට පියවර ගන්න බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

මෙම කාරණය වහාම විසඳිය යුතු බව පවසමින්, මෙම වසර අවසන් වන විට ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් කරන ලෙස ඔහු අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් මෙන්ම අමාත්‍යාංශයේ සහ අමාත්‍යවරයාගේ කාර්’ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *